टेलीग्राम में पोर्न की टेराबाइट्स तक पहुंच प्राप्त करें »

ටියුෂන් රැල්ලට හිරවුණ සති අන්තය දවස් පහම හිර වුණා ඉස්කොලේට | පිස්සු කෙල්ලෝ 😂💌

ටියුෂන් රැල්ලට හිරවුණ සති අන්තය


දවස් පහම හිර වුණා ඉස්කොලේට නැගිට්ටා සෙනසුරාදා උදේ හයට තිබුණ නිසා ටියුෂන් උදේ අටට තෙල් නැති නිසා පයින්ම ගියා පන්තියට...

ලයිටුත් නැති නිසා නැවැත්තුවා ඔන්ලයින් පටන් ගත්තා නැවතත් ක්ලාස් පිසිකල් තෙල් නැති නිසා සිදුවුණා යාමට පයින් මහන්සි දැන්නම් රිදෙයි හොදටම කකුලත්

ඉරිදත් නැගිට්ටා පාන්දරට සිදුවෙයි දහම් පාසල් යාමට කඩා ගත්තා මල් වට්ටියකට ඇදගෙන ලමා සාරිය දිව්වා පන්සලට...

ඇරි දහම් පාසල් ආවා ගෙදරට ගලවා ලමා සාරිය ඇදගත්තා ගවුමකට අම්මා බත් ගුලි කැව්වා මට දඩි බිඩි ගා ගිල දැම්මා හනිකට අරන් පොත් මිටියකුත් දිව්වා ගණන් පන්තියට..

හොම් වර්කුත් කෝටියක් දෙයි ඉස්කොලෙන් සති අන්තයේ නිවාඩුවක් ඇති කියා නොතෙරෙන්නේ ඇයි ටියුෂනයක් නිසා අපිට කොහේ නිවාඩුවක් ද කියා...

හිර වුණා ටියුෂන් රැල්ලකට හිත යට වුණා පොත් කන්දකට පොහොසත් වුණා විතරක් දැනුමකට දුප්පත් වුණා හොද ගුණදහමකට...

Mithu